කුරුලෑ සදහා ප්‍රතිකාර

කුරුලෑ සදහා හොදම ප්‍රතිකාර – ඔබත් කුරුලෑ නිසා කරදරයෙන්ද?

මුහුණේ නිතර ඇතිවන කුරුලෑ සහ කලු පැහැති ලප කැලැල් නිසා බොහෝ දෙනෙක් සිටින්නේ පීඩනයකින්. අපි අද කතා කරන්නෙ මේ විද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයාගත් කුරුලෑ ඇතිවීම හා එමගින් ඇතිවන කලු ලප කැලැල් පාලනය කිරීම සදහා පවතින ඖෂධ ගැන.

කුරුලෑ කියන්නෙ බොහොමයක් දෙනෙකුට විශල මානසික වදයක් වුන කාරනයක්. කුරුලෑ නිසා ඇතිවන කලු පැහැති ලප කැලැල් මේ පීඩනය දෙගුණ තෙගුණ කරන්න හේතු වෙනව. අපි අද කතා කරන්න යන්නෙ විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු කරන ලද මුහුණේ කුරුලෑ සදහා හොදම ප්‍රතිකාර ගැන. මෙමගින් ක්ලු ලප කැලැල් ඇතිවීම පාලනය කරනත් පුලුවන්. ඉතින් මීට පස්සෙ ඔයා කුරුලෑ ඇතිවීම පාලනය කිරීමට වෙළදපොලෙන් නිශ්පාදනයක් මිලදී ගන්නව නම් මේ කියන සංඝටක අඩංගු වෙනවද කියල අනිවාර්යයෙන් පරීක්ෂා කරල බලන්න.

කුරුලෑ සහ කලු පැහැති ලප ඇතිවෙන්නේ කොහොමද ?

අපි මේ සංඝටක ගැන කතා කරන්න කලින් මුහුණේ කුරුලෑ සහ එම නිසා ඇතිවන කලු පැහැති ලප කැලැල් ඇතිවෙන්නෙ කොහොමද කියල බලමු. කුරුලෑ ඇතිවීම සදහා සාධක කිහිපයක් බලපානව. අපේ සමේ පවතින ස්වේද ග්‍රන්ථි වලින් (sebaceous glands) සමේ ආරක්ෂාවට පවතින ස්වේද ශ්‍රාවය (sebum) වැඩිවීම එක හේතුවක්. මේ නිසා සමේ තෙල් ගතිය වැඩි වෙලා සමේ පවතින කුඩා සිදුරු අවහිර වීම සිදුවෙනව. දෙවන කාරණය තමයි සමේ පවතින කේෂ මූලයන්ගේ (hair follicles) වල පවතින සෛල නිසි ආකාරයෙන් ප්‍රතිස්ථාපනය නොවීම නිසා සමේ පවතින කුඩා සිදුරු අවහිර වීම සිදුවෙන්ව. මේ කියපු කාරණා දෙකම නිසා microcomedones නැමැති කුරුලෑවේ මූලික අවස්ථාව හටගන්නව. ඉම්පසුව මෙමෙ microcomedones වලට Cutibacterium acnes නැමති බැක්ටීරියාව ආසාදනය වීම සිදුවෙනව. එමගින් microcomedones වල තිබෙන ස්වේද ශ්‍රාවය සමග ක්‍රියා කරල සමේ ප්‍රදාහය තත්වයක් ඇති කරනව (inflammation). මේ නිසා තමයි කුරුලෑ ඇතිවුනාම එතන රතුවෙලා විශාල වෙලා වේදනාවක් ඇතිවෙන්නෙ.

මේ sebum මත බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා arachidonic acid නම් රසායනය නිපදවෙනව. එය සම මතුපිටදී ම්ක්සිහරණය වෙලා prostaglandin සහ leukotrines නැමති රසායනික සංඝටක නිපදවෙනව. එමගින් අපේ සමේ කලු පැහැය ඇතිවීමට හේතුවන මෙලනින් නිශ්පාදනය වෙන Melanocytes වල ක්‍රියාකාරීත්වය වැඩි කරනව. මෙම මෙලනින් කුරුලෑ ආශ්‍රිත මතුපිට සෛලවල තැන්පත් වීම නිසා තමයි කලු ලප ඇතිවෙන්නෙ (post inflammatory hyperpigmentation).

කුරුලෑ සදහා ප්‍රතිකාර

කුරුලෑ ඇතිවීම පාලනය කරන සංඝටක

Retinoid නැමති සංඝටකය මගින් අපේ සමේ මතුපිට සෛල නිපදවන keratinocyte සෛල විභේදනය වීම පාලනය කරනව. එකගින් මතුපිට සෛල ප්‍රතිස්තාපනය. නිවැරදි ආකාරයෙන් සිදුකරල සමේ පවතින කුඩා සිදුරු අවහිර වීම වලක්වනව.

Niacinamide නැමති සංඝටකයට ස්වේද ග්‍රන්ථ වලින් ස්වේද ශ්‍රාවය අඩු කරන්න පුලුවන්. එමගින් සමේ තෙල් ගතිය අඩු කිරීම හා සමේ පවතින කුඩා සිදුරු අවහිර වීම වලක්වනවා. ඒ වගේම මේ සංඝටකයට සමේ ප්‍රදාහය තත්ත්වය (Inflammation) ඇතිවීම පාලනය කරන්නත් පුලුවන්. එමගින් කුරුලෑ ආසාදනය වී ඇතිවන ප්‍රදාහය වලක්වන අතර එමගින් කුරුලෑ සුව වීමෙන් පසුව ඇතිවන කලුපාට ලප කැලැල් ඇතිවීම පාලනය කරනව. මෙය සිදුකරන්නෙ සමේ කලු පැහැයට හේතුවන melanin නම් සංඝටකය නිපදවන melanocytes වල සිට මතුපිට සෛල වලට මෙලනින් ප්‍රවාහනය පාලනය කිරීම මගින්.

මුහුණේ නිතරම කුරුලෑ ඇතිවීමට සමේ ආරක්ෂාවට පවතින ආරක්ෂාක බාධකයට (barrier) හානි වීම හේතු වෙනව. මේ ආරක්ෂක බාධකය නිසි ආකාරයෙන් පිලිසකර වීමට ceramide නැමති සංඝටකට අවශ්‍ය වෙනව. නිතරම කුරුලෑ ඇතිවන පුද්ගලයන්ගේ සමේ මේ ceramide කියන සංඝටකය තියෙන්නෙ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන්. ඉතින් මේ ceramide අඩංගු නිශ්පාදන භාවිතා කිරීමෙන් සමේ පවතින ආරක්ෂාක බාධකය නිසි ආකාරයෙන් නඩත්තු කර කුරුලෑ ඇතිවීම පාලනය කරන්න පුලුවන්. ඒ වගේම එමගින් සමේ ප්‍රදාහය (inflammation) ඇතිවීමද පාලනය කරනව.

Dipotassium glycyrrhizinate නම් සංඝටකයට මුහුණේ කුරුලෑ ආසාදනය වී ප්‍රදාහය තත්ත්වය ඇතිවීමට හේතුවන cytokines නම් රසායනය නිශ්පාදනය පාලනය කරයි.

Retinol මගින් සමේ කලු සහ දුඹුරු පැහැය ඇතිවීමට හේතුවන melanin සහ eumelanin නැමති සංඝටක නිපදවන melanocyte නිශ්පාදනය අඩු කරනව. මේක කරන්නෙ ඒ සදහා ආධාර වන tyrosinase නම් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩු කිරීම මගින්. මෙමගින් සමේ කලු ලප ඇතිවීම පාලනය කරනවා වගේම සමේ පැහැය හා දීප්තිය වැඩි කරනව.

ඉතින් මින් ඉදිරියට ඔයා මුහුණේ කුරුලෑ ඇතිවීම පාලනයට හා එමගින් ඇතිවන කලු පැහැති ලප කැලැල් පාලනයට ආලේපනයක් තෝරාගන්නව නම් මේ කියපු සංඝටක තියෙනවද කියල අනිවාර්යයෙන් පරීක්ෂා කරල බලන්න. එමගින් ඔයාට හිසරදයක් වෙලා තිබුන කුරුලෑ ප්‍රශ්නයෙන් පහසුවෙන් මිදෙන්න පුලුවන්.

මේ පිලිබදව ඔයාට වැඩිදුරටත් යමක් දැනගනීමට අවශ්‍ය නම් පහත link එක මගින් අපට message එකක් එවන්න. එසේ නැතිනම් online consultation ලින්ක් එක මගින් ඔබට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගන්න පුලුවන් .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Contact your Doctor