Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Blackheads කියන්නෙ බොහොමයක් දෙනෙක්ට එයාලගේ ස්වාභාවික ලස්සන මුහුණේ පෙනුම අඩු කරන්න සාධකයක්. බොහෝ දෙනෙක් මේ නිසා කනස්සල්ලෙන් ඉන්නෙ. ඒ වාගේම මේ blackheads ඉවත් කරන්න උත්සහ කිරීමත් බොහොම කරදරකාරි වැඩක්. අද අපි කතා කරන්න යන්නෙ ඔයාට ගෙදර ඉදන්ම පහසුවෙන් මේ blqckheads ඉවත් කරගන්න පුලුවන් ක්‍රම අටක් පිලිබදව..
Blackheads ඇතිවීමට හේතු මොකක් ද?
Blackheads ඉවත් කරන ක්‍රම ගැන කතා කරන්න කලින් අපි බලමු මේ blackheads කියන්නෙ මොනවද සහ ඒව ඇති වෙන්නෙ කොහොමද කියල. Blackheads කියන්නෙ comedones කියන කුරුලෑ (Acne) වර්ගයක්. මේව කුඩා කලු පැහැති ලප විදියට මුහුණේ සහ ගෙල ප්‍රදේශයේ ඇතිවෙනව. මේ blackheads ඇතිවෙන්නෙ අපේ සමේ තියෙන කුඩා සිදුරු සමේ පවතින මැරුණු සෛල සහ Sebum (සමේ ආරක්ෂාවට පවතින තෙල් වැනි සංඝටකයක්) සිර වීමෙන්. සමහර අය හිතනව මේ blackheads කියන්නෙ අපේ සම මතුපිට රැදුනු කුනු දුහුවිලි කියල. නමුත් ඒක වැරදියි. මෙ කලු ලප ඇතිවෙන්නෙ සමේ පවතින කුඩා සිදුරු සිර වීමෙන් සම මතුපිට පවතිනෙ මේ හිර උන මැරුණු සෛලවල තියෙන Melanin නම් සංඝටකය නිසා. මේ melanin වාතයේ පවතින ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර කලු පාට කුඩා ලප් බවට පත් වෙනව. මේ නිසා ඔයා අද ඉදන් මුහුණේ blackheads තිබුන කියල ඔයාගෙ මුහුණ අපිරිසිදුයි කියල හිතන්න එපා.
Blackheads ඉවත් කරගන්න ක්‍රම අටක්
අපි දැන් කතා කරමු මේ blackheads ඉවත් කරගන්න අපි කළ යුතු සහ නොකළයුතු දේවල් මොනවද කියල.
1.කිසිවිටක ඔබගේ ඇගිලි භාවිතා නොකරන්න
කණ්නාඩියකින් මුහුණ බලනවිට ඇතැම් අය මේ blackheads ඇගිලි වලින් මිරිකා ඉවත් කිරීමට උත්සාහ කරනව. නමුත් මේකෙන් වෙන්නෙ ඔයා blackheads ඉවත් කරන්න උත්සහ කරන තැන සමට හානි වෙලා ප්‍රදාහය තත්වයක් (irritation and inflammation? ඇතිවෙලා මේ නිසා තවත් කලු පාට ලප ඇතිවෙන එක (post inflammatory hyperpigmentation).
2. මුහුණ තදින් ස්ක්‍රබ් (scrubbing) කිරීමෙන් වළකින්න
ඇතැම් පුද්ගලයන් හිතනව මේ blackheads කියන්නෙ අපේ මුහුණේ සිරවුනු කුනු දුහුවිලි කියල. මේ නිසා ඔවුන් තදින් scrub කරල මේ blackheads ඉවත් කරන්න උත්සහ කරනව. නමුත් එය සාර්ථක නැහැ. මේ නිසා සමේ ආරක්ෂාවට පවතින sebum ශ්‍රාවය තවත් වැඩි වෙලා blackheads ඇතිවීම තවත් වැඩි වීමයි.
3. Blackheads ඉවත් කිරීමට සුදුසු පරිදි සම සකසාගන්න
විවිධ වර්ගයේ blackheads ඉවත් කරන උපකරණ පැවතුනත් ඒවාගෙන් නිවැරැදි ප්‍රතිඵලයක් ලබා ගන්න නම් අපි අපේ සම නිසි ආකාරයෙන් පිලියෙල කරගත යුතුයි. මේ සදහා උනුසුම් ජලය ස්නානය කරනවිට මුහුණට මෘදු cleanser එකක් භාවිතා කළ යුතුය. උණුසුම් ජලයේ පවතින හුමාලය මගින් සිරවී ඇති ඝන වූ තෙල් මෘදු බවට පත්කරනව. මෙමගින් cleanser එකට පහසුවෙන් මෙම තෙල් දියකර ඉවත් කරනව. ස්නානය කරල ඉවර උන ගමන් moisturizer ක්‍රීම් එකක් ආලේප කලයුතු වෙනව. Shea butter, jojoba oil වගේ සංඝටක අඩංගු moisturizer එකක් භාවිතා කිරීමට පුලුවන් නම් වඩාත් හොදයි. මෙමගින් සම මතුපිට තාවකාලික ස්තරයක් නිර්මාණය කරල සමතුලට ස්නානයේදී ලැබුනු උනුසුම රදවා තබාගන්නව. එමගින් අපිට කැමති blackheads ඉවත් කරන උපකරණක් මගින් මේ blackheads පහසුවෙන් ඉවත් කරගන්න පුලුවන්.
4. Blackheads ඉවත්කරන උපකරණයක් ගනිමු
මේ blackheads ඉවත් කිරීමට විවිධ වූ උපකරණ කට්ටල පවතිනව. විවිධ ආකාරයෙන් හැඩතල සහ ප්‍රමාණයන්ගෙන් සමන්විත මෙම කට්ටල සමන්විත වෙනව. නිවැරැදි ප්‍රමාණය හා හැඩය සහිත උපකරණය තෝරාගෙන ඉවත්කිරීමට ඇති blackheads මත මෘදුව තෙරපීම මගින් පහසුවෙන් මෙ blackheads ඉවත් කරගන්න පුලුවන්. නමුත් කිසිම වෙලාවක මේ උපකරණ වලින් ගොඩක් තද කරල මේ blackheads ඉවත් කරන්න උත්සහ කරන්න එපා. එමගින් එම ප්‍රදේශයේ සමට හානි වෙලා ප්‍රදාහය තත්වයක් ඇති වෙන්න පුලුවන්. ඉතින් අතින් මිරිකල blackheads ඉවත් කරන්න උත්සහ කරනවාට වඩා මේ උපකරණක් මිලදී ගැනීම ප්‍රයෝජනවත් වේවි.
5. Facial cleansing brush එකක් භාවිතා කරමු
මෙමගින් ඔබගේ මුහුණේ සම ඇගිලි වලින් cleanse කරනවාට වඩා හොදින් පිරිසිදු වෙනව. මෙමගින් blackheads ඉවත් කිරීම තවත් පහසු කරනව. නමුත් අවශ්‍ය ප්‍රමාණයට වඩා මෙය භාවිතා කලොත් මුහුණේ සමේ වියලි බව වැඩි වෙන්න පුලුවන්. එමගින් සමේ ආරක්ෂක මෙවලමක් ලෙස තියෙන sebum ශ්‍රාවය වැඩි වෙලා සමේ තෙල් ගතිය වැඩි වෙනව. එමගින් blackheads තවත් වැඩි වෙන්න පුලුවන්. ඒ නිසා මෙමගින් වඩාත් හිතකර ප්‍රතිඵල ගන්න සතියකට වරක් හෝ දෙවරක් facial cleansing brush එකක් භාවිතා කිරීම ප්‍රමාණවත්.
6.Blackhead suction remover එකක් භාවිතා කරමු
මෙමගින් කිසිම වේදනාවකින් තොරව ඉතාම පහසුවෙන් blackheads ඉවත් කරගන්න පුලුවන්. නමුත් ඊට කලින් අපි මුලින් කතා කලා වගේ ඔයාගෙ මුහුණ සකස් කරගෙන තියෙන්න ඕන. මේ blackheads suction remover රැහැන් රහිත කුඩා වැකියුම් ක්ලීනර් එකක් විදියට තමයි වැඩ කරන්නෙ. එමගින් ඔයාගෙ මුහුණේ සිදුරු තුළ සිරවෙලා තියෙන කුණු දුහුවිලි ඇදල ඉවත් කරනව.
7.Pore strips භාවිතා කිරීම සුදුසු ද?
මෙය nose strips කියලත් හදුන්වනවා. මෙහි පවතින ප්‍රභල මැලියම් කාරක ගුණය (adhesive effect) නිසා මෙය අලවා තබන ස්ථානවල මතුපිට මැරුණු සම හා blackheads ගැලවී ඉවත් වෙනව. නමුත් මෙය තාවකාලික ප්‍රතිකර්මයක්. මෙමගින් තවදුරටත් සමේ පවතින සිදුරු වල තෙල් සම කුණු දුහුවිලි සිරවීම නතර කරන්න නැහැ. එම නිසා නැවත blackheads මතු වෙන්න පුලුවන්. ඒ වගේම මේවයේ තියෙන adhesive effect එක නිසා ඔයාගෙ මුහුණේ සමට හානි වෙන්නත් පුලුවන්.
8. ඉවත් කිරීමට ඉතා අපහසු blackheads ඉවත් කරන්න උත්සාහ කරන්න එපා
මෙමගින් ඔබේ සමට හානි වීම නිසා ඔයා ලස්සන කරන්න උත්සාහ කරන ඔයාගෙ මුහුණ තවත් හානි වෙන්න පුලුවන්. ඒ වාගේම මෙමගින් මුහුණේ කුඩා රුධිර කේෂනාලිකා වලට හානි වීම නිසා සංකූලතා ඇතිවෙන්න පුලුවන්.
ඉතින් අපි මේ කතා කරපු උපදෙස් පිලිපැදීම මගින් ඔයාට හිසරදයක් වෙලා තියෙන blackheads පහසුවෙන් ඉවත් කරගෙන ඔයාට ලස්සන පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්.
Click one of our contacts below to chat on WhatsApp