Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
නීරෝගීමත් පැහැපත් සමක් සදහා විටමින් E ඉතා වැදගත් සංඝටකයක්. නමුත් නිසි පරිදි භාවිතා නොකිරීම මගින් එය ඔබේ සමට අහිතකර ලෙස බලපෑමට හැකි බව ඔබ දැනුවත් ද? ඒ වාගේම වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට විටමින් E භාවිතා කල යුතු ආකාරය පිලිබද ඔබ දැනුවත් ද?
නීරෝගීමත් සහ පැහැපත් සමක් සදහා විටමින් ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරයි. මේ අතරින් විටමින් E බොහොමයක් සමේ ආලේපනවල (skin care products) වල අන්තර් ගත බව සදහන් වෙනවා. අද අපි බලමු මේ විටමින් E කියන්නෙ මොකක්ද සහ ඇත්තටම විටමින් E ඔය කියන තරම් සමට වැදගත් ද කියල.
විටමින් E ( tocopherol කියලත් හදුන්වනවා) කියන්නෙ ප්‍රභල ප්‍රති ඔක්සිකාරකයක් සහ ප්‍රදාහය වළක්වන ඖෂධයක් (anti inflammatory) වගේම නීරෝගීමත් සමක් පවත්වාගැනීමට ඉතා වැදගත් සංඝටකයක්. මෙය බොහොමයක් සමේ ආලේපන නිශ්පාදනවල විශේෂයෙන් Moisturizers වල අඩංගු වෙන්ව. විටමින් E වර්ග අටක් පමණ තිබුනත් මිනිස් සමට ගොඩක්ම හිතකර වෙන්නෙ Alpha – tocopherol කියන විටමින් E වර්ගය.
මේ කියන විටමින් E අපි එදිනෙදා ගන්න ආහාරවලත් අඩංගු වෙන්ව. සැල්මන් මාලු, කොළ පැහැති එළවළු වර්ග, විශේෂයෙන් බ්‍රොකොලී, නිවිති, සහ සූරියකාන්ත තෙල් ඒ අතරින් කීපයක්. මේ කියපු ස්වාභාවික ප්‍රභව වලින් අපේ ඇගට එන විටමින් E , කෘතිමව නිපදවන විටමින් E වලට වඩා ගොඩාක් හොද ප්‍රතිඵල දෙනවා.
බොහොමයක් පුද්ගලයන්ට කෑම වලින් ලැබෙම විටමින් E ප්‍රමාණවත්. වැඩිහිටි පුද්ගලයකුට දිනකට අවශ්‍ය වෙන්නෙ මිලිග්‍රෑම් 15 වගේ ප්‍රමාණයක්. අනවශ්‍ය ලෙස විටමින් E අතිරේකව ගතහොත් රුධිරය කැටි ගැසීම ප්‍රමාද වීම වගේ අතුරු අබාධ ඇතිවෙලා දරුණු ලේ ගැලීම් වගේ වෙන්න පුලුවන්. විශේෂයෙන් පිරිමි පුද්ගලයන්ට පුරස්ථි ග්‍රන්තිය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනව. ඒ නිසා අනවශ්‍ය අවදානමක් ගන්නෙ නැතිව අපේ ආහාර වලින්ම අවශ්‍ය විටමින් E ප්‍රමාණය ලබා ගන්න පුරුදු වෙමු.
තෙල් සහිත සමක් තියෙන පුද්ගලයන්ගෙ ඇගේ තියෙන විටමින් E ප්‍රමාණය වියලි සමක් තියෙන අයට වඩා වැඩියි. බොහොමයක් රූවලාවන්‍ය නිශ්පාදන වල විටමින් E අඩංගු වෙන්වා. විටමින් E පහසුවෙන් අපේ සමට උරා ගන්නව. මෙමගින් අපේ සමේ තෙතමනය ආරක්ෂා කරනවා වගේම සම රැලිවැටී වයසට යෑම වලකනවා. මේක කරන්නෙ විටමින් E වල තියෙන ප්‍රති ඔක්සිකාරක ගුණය මගින්. සමේ නීරෝගීමත් තරුණ පෙනුම රැකගැනීමට අවශ්‍ය කොලැජන් හා ඉලාස්ටීන් නැමැති ප්‍රෝටීන මෙමගින් ආරක්ෂා කරනවා. ඊට අමතරව විටමින් E මගින් සමට UV කිරණ මගින් සිදුවන හානිය අවම කරන අතර හිරු රෂිමියට නිරාවරණය වීම නිසා ඇතිවන සම පිලිස්සීම හා කැලැල් ඇතිවීම වලකයි. විටමින් E සමග විටමින් C සහ D එකතු වූ විට මෙම හැකියාව වඩාත් ප්‍රභලයි. ඒ වාගේම Dermatitis වැනි සමේ රෝග සදහාද මෙය ඉතා හොද ඖෂධයක්.
ඇතැම් රූපලාවණ්‍ය ආයතන මගින් විටමින් E ආලේපන වලට සමේ ලප කැලැල් ඉවත් කරන්න පුලුවන් කියල ප්‍රචාරය කරනව. නමුත් පර්‍ර්ක්ෂණ වලින් අනාවරණය වෙලා තියෙනව විටමින් E වලට සමේ මේ වනවිට පවතින ළප කැලැල් ඉවත් කරන්න බැහැ කියල.ඇතැම් අවස්ථා වල එවැනි ලප කැලැල් පවතින තැන් වල විටමින් E ඔයිල් ආලේප කිරීම මගින් contact dermatitis වැනි සමේ රෝග පවා ඇතිවෙන්න පුලුවන්. ඒ වාගේම ඇතැම් නිශ්පාදන වල විටමින් E වලට තුවාල ඉක්මනින් සුව කිරීමේ හැකියාව පවතිනව කියල ප්‍රචාරය කරනව. නමුත් පරීක්ෂණ වලින් පැහැදිලි වෙලා තියෙනව විටමින් E වලට එහෙම හැකියාවක් නැහැ කියල. ඒ වාගේම ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල් සමග විටමින් E ආලේප කිරීම මගින් දැනට පවතින සම රැලි වැටීම් ඉවත් කරන්න පුලුවන් කියල සමහර නිශ්පාදන වල සදහන් වෙනව. නමුත් ඇත්තටම විටමින් E වලට පුලුවන් අලුතෙන් සම රැලි වැටීම වලක්වන එක විතරයි. දැනට ඇතිවෙලා තියෙන සම රැලි වැටීම් මෙමගින් ඉවත් කරන්න බැහැ.
අපේ සමට අහිතකර විෂ රසායනික ඇතුළු වීම වැළැක්වීමට අපේ සමේ ස්වාභාවික ආරක්ෂක බාධකයක් තියෙනව. මේ ආරක්ෂක බාධකය (skin barrier) හරි ආකාරයෙන් ක්‍රියාත්මක උනොත් අපට සිනිදු පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්. මේ skin barrier එකට හානි උනොත් සමේ වියලි ලප ඇතිවෙනව. ඉතින් මේ විටමින් E වලට පුලුවන් සමේ තෙතමනය ආරක්ෂා කරල මේ සමේ ආරක්ෂක බාධකයත් හරි ආකාරයෙන් ආරක්ෂා කරල දෙන්න.
විටමින් E වල පවතින ප්‍රති ඔක්සිකාරක ගුණයට පුලුවන් අපේ සමේ Blackheads ඇතිවීම වළක්වන්න.
මෙම විටමින් වර්ග දෙක එකට එකතු වූ විට වඩාත් ප්‍රභල හිතකර ප්‍රතිඵල ගෙනදෙනව. මෙමගින් UV කිරණ මගින් සමට සිදුවන හානිය වගේම සම රැලි වැටී වයසට යාම සාර්ථක ලෙස මැඩ පවත්වනව. එක නිසා මෙම විටමින් වර්ග දෙකම එකට ඇති ආලේපන වඩාත් හොද ප්‍රතිඵල ගෙනෙනව. ඒ වාගේම විටමින් E කරල් සමග විටමින් C පෙති ගැනීමෙන් ද මෙම ප්‍රතිඵල ලබා ගන්න පුලුවන්.
විටමින් E ඔයිල් සහ කැප්සියුල් මුහුණේ ආලේප කිරීම මගින් ඇතැම් විට Dermatitis වැනි ආසාත්මික තත්ත්වයන් ඇතිවෙන්න පුලුවන්. සම රතුවීම, කැසීම වගේ රෝග ලක්ෂණ පෙන්වනවා. එම නිසා ඇස් යට වැනි සංවේදනය වැඩි ස්ථානවල ආලේප කිරීමෙන් වලකින්න ඕන. ඒ වාගේම විටමින් E හිරු එළියට නිරාවරණය උනාම අස්ථායී වෙනව. එම නිසා හැමවිටම විටමින් C සමග භාවිතා කල යුතු වෙනව. අපි විටමින් E අඩංගු නිශ්පාදනයක් මිලදී ගන්න විට එහි විටමින් C ද අන්තර් ගත වෙනවද කියල හොදින් පරීක්ෂා කරල ගන්න.
දැන් ඔයාලට තේරෙනව විටමින් E කියන්නෙ අපේ සමට කෙතරම් වැදගත් සංඝටකයක් ද කියල. එම ඔයාලගෙ skin care routine එකට විටමින් E එකතු කරන්න අමතක කරන්න එපා. කිසිම අවස්ථාවක විටමින් E ඔයිල් හෝ කැප්සියුල් කෙලින්ම සමේ ආලේප කරන්න එපා. ඒ වෙනුවට විටමින් E අඩංගු ක්‍රීම්, ලෝශන් වැනි නිශ්පාදන භාවිතා කරන්න. ඒ වාගේම ඔබ ලබා ගන්න විටමින් E අඩංගු නිශ්පාදනයේ විටමින් C අන්තර්ගත වෙනවද කියලත් හොදින් බලන්න. මේ කරුණු මතක තියා ගත්තොත් ඔයාටත් නීරෝගීමත් පැහැපත් සමක් ලබා ගන්න පුලුවන්.
Click one of our contacts below to chat on WhatsApp