Best whitening creams

සුදු වෙන්න හොදම Whitening Cream එක මොකක්ද?

සුදු වෙන්න පැහැපත්ව ඉන්න අපි හැමෝම කැමති. මේ නිසා වෙළදපොලේ බොහොමයක් whitening creams පවතිනවා. නමුත් මේ සෑම whitening cream එකක්ම අපේ සමට හිතකර ද? ඒ වාගේම මේ whitening cream ඕනෑම වර්ගයේ සමකට එකම විදියට ප්‍රතිඵල දෙනවාද? අද අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට ශ්‍රීලංකාවේ ලස්සනට ඉන්න කැමති අය අතර වඩාත්ම ප්‍රචලිත whitening creams නිශ්පාදන තුනක් ගැන. ඒ තමයි Pond’s Bright Beauty, Janet whitening cream සහ Garnier Light complete කියන නිශ්පාදන තුන ගැන. මේ ලිපියෙන් අපි බලමු මේ නිශ්පාදන මොන වගේ සමකටද ගැලපෙන්නෙ සහ මේවායේ පවතින වාසි සහ අවාසි මොනවද කියල.

Pond’s Bright Beauty

Pond's Bright Beauty
Version 1.0.0

මෙහි නිශ්පාදන සමාගම අයත් වන්නෙ Uniliver නැමති ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රසිද්ධ සහ පිළිගත් බහු ජාතික සමාගමක්. නිශ්පාදන සමාගමට අනුව pond’s Bright Beauty හි අඩංගු ප්‍රධානම සංඝටක වන්නෙ Niacinamide (Vitamim B3) සහ Glycerin ය. Niacinamide මගින් අපේ සමේ කාල වර්ණයට හේතුවන මෙලනින් නම් වර්ණකය එය නිශ්පාදනය කරන Melanocyte වල සිට සම මතුපිට සෛල වලට ගෙන ඒම අඩු කරයි. එමගින් සමේ අදුරු පැහැය අඩු කරනවා වගේම සමේ කලු ලප ඇතිවීම වලක්වයි. ඒ වාගේම දිනපතා භාවිතා කිරීම මගින් මේ වනවිට සම මත පවතින කලු ලප සහ කුරුලෑ ලප කැලැල් ඉවත්කර ගැනීමේ හැකියාව පවතිනවා. තවද Niacinamide මගින් අපේ සමේ ආරක්ෂාවට පවතින ආරක්ෂක බාධකය ශක්තිමත් කරයි. මේ නිසා සමේ තෙතමනය ආරක්ෂා කරන අතර එමගින් සම මෘදු හා දීප්තිමත් කරයි. තවද මේ මගින් සමේ අධික තෙල් ගතියට හේතුවන සමේ ස්වේද ග්‍රන්ථි වලින් ස්වේද ශ්‍රාවය අඩු කිරීමේ හැකියාව පවතියි. මේ නිසා Pond’s Bright Beauty තෙල් සහිත සමකට වඩාත් සුදුසු වෙයි. වියලි සමක් පවතින පුද්ගලයන් මෙම නිශ්පාදනය භාවිතා කිරීමෙන් ඔවුන්ගේ සම තවදුරටත් වියලි බවක් ඇතිවෙන්න පුලුවන්. මේ නිසා එවැනි සමක් පවතින පුද්ගලයන් මෙය භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතුය. තවද එහි අන්තර්ගත Glycerin මගින් සමේ තතමනය ආරක්ෂා කරන අතර එමගින් සම මෘදු කරනවා වගේම සමට ස්වාභාවික දීප්තියක් ගෙනදෙයි. තවද Glycerin මගින් සමේ ආරක්ෂාවට පවතින ආරක්ෂක බාධකය ශක්තිමත් කරන අතර එමගින් කුරුලෑ ලප කැලැල් ඇතිවීම පාලනය කරයි. මෙම නිශ්පාදනය මෘදු මල් සුවදක් පවතින ලෙස නිශ්පාදනය කරන නිසා එමගින් ඔබට වඩාත් ප්‍රසන්න බවක් ගෙනදෙයි. මෙම නිශ්පාදනය ඔයාට ලංකාවේ ඕනෑම ෆාමසි සහ සිල්ලර වෙළදසැල් වලින් සාදාරණ මිලකට මිලදී ගන්න පුලුවන්.

Janet whitening cream

Janet whitening cream

මෙම නිශ්පාදනය Janet Ayurveda නැමති ශ්‍රී ලාංකික සමාගමකට අයත් වෙයි. ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රචලිත ආයුර්වේද නිශ්පාදන සමාගමක් වන මෙහි නිශ්පාදන ශ්‍රී ලංකාවේ පාරම්පරික ආයුර්වේද ඖෂධ පදනම්ව නිශ්පාදන සිදුකරයි. මෙම සමාගමට අනුව මෙම නිශ්පාදනයේ සම සුදු කිරීමට හැකියාව පවතින ශාකමය සාරයක් (licorice සහ සුදුසදුන්) සහ විටමින් E අන්තර්ගත වෙයි. Licorice හි අඩංගු glabridin නැමති සංඝටකය මගින් සමේ මෙලනින් නිශ්පාදනයට දායක වන tyrosinase නැමති එන්සයිමය අක්‍රිය කරයි. එමගින් අපේ සමේ කලු පැහැයට හේතුවන මෙලනින් වර්ණකය නිශ්පාදනය අඩු කර සම සුදු සහ පැහැපත් කරයි. ඒ වාගේම මමගින් සමේ පවතින කලු පැහැ ලප කැලැල් ඉවත් කිරීම සහ අලුතින් ලප කැලැල් ඇතිවීම වැලැක්වීමට හැකියාව පවතියි. මේ නිසා සමට වඩාත් දීප්තිමත් බවක් ලබාදෙයි. ඒ වගේම licorice හි අඩංගු liquiritin නැමති සංඝටකය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කර සමට ඔක්සිකාරක මගින් සිදුවන හානිය වලකයි. මේ නිසා සමේ ලප කැලැල් ඇතිවීම පාලනය කිරීමේ හැකියාව පවතියි. මෙහි අඩංගු විටමින් E මගින් සමේ තෙතමනය ආරක්ෂා කිරීමේ හැකියාව පවතියි. ඊට අමතරව සමේ කොලැජන් සහ ඉලාස්ටීන් නැමති ප්‍රෝටීන නිශ්පාදනයට මෙම විටමින් E දායක වන නිසා සම රැලි වැටීම හා වයස්ගත වීම පාලනය කර සමට දීප්තිමත් සුමුදු බවක් ගෙනදෙයි. මෙහි ශාකමය සංඝටක අඩංගු වන නිසා සංවේදී සමක් පවතින අයට මෙමJanet whitening cream වඩාත් සුදුසුයි. ඊට අමතරව සාමාන්‍ය සහ වියලි සමක් පවතින පුද්ගලයන්ටද මෙය නිර්දේශ කරන්න පුලුවන්. ශාකමය නිශ්පාදනයක් නිසා දිගුකාලීනව භාවිතා කිරීමේදී කිසිදු අතුරුඵල ඇති නොවෙයි. මෘදු ශාකමය සුවදක් පවතින ලෙස මෙය නිශ්පාදනය කරන නිසා මෙමගින් ඔබට වඩාත් ප්‍රසන්න බවක් ලබා දෙයි. අද අපි කතා කරන නිශ්පාදන තුන සමග සැසදීමේදී මෙය මිලෙන් අඩු වන අතර ලංකාවේ ඕනෑම වෙළදසැලකින් පහසුවෙන් ලබා ගන්න පුලුවන්.

Garnier Light Complete

Garnier Bright Complete

ප්‍රංශ ජාතික සමාගමක් වන L’Oreal සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන මෙහි මූලික වශයෙන් විටමින් C, දෙහි සාරය හා Yoghurt Bifidus අන්තර්ගත වෙයි. මෙහි අන්තර්ගත විටමින් C මගින් සමේ මෙලනින් වර්ණකය නිශ්පාදනය පාලනය කිරීමේ හැකියාව පවතියි. ඒ වාගේම මෙහි ආම්ලික ගුණය නිසා සමේ මතුපිට පවතින මැරුණු සෛල පහසුවෙන් ඉවත් කිරීමට පුලුවන්. මෙමගින් ඔයාගෙ මුහුණ පැහැපත් හා දීප්තිමත් කරනවා. තවද විටමින් C වල පවතින ප්‍රතිඔක්සිකාරාක ගුණය මගින් ඔක්සිකාරක සංඝටක මගින් සමට සිදුවන හානිය වලකා කුරුලෑ ලප කැලැල් ඇතිවීම පාලනය කර සම අවපැහැ වීම පාලනය කරයි. ඒ වාගේම සමේ කොලැජන් නිශ්පාදනයට දායක වීම මගින් සම රැලි වැටීම වලකා සමේ තරුණ පෙනුම ආරක්ෂා කරයි. Garnier Bright Complete හි අන්තර්ගත Yoghurt Bifidus මගින් සමේ ආරක්ෂාව සදහා පවතින ආරක්ෂක බාධකය ශක්තිමත් කරන අතර එමගින් සමේ තෙතමනය ආරක්ෂා කරන අතර UV කිරණ මගින් සමට සිදුවන හානිය වලකයි. මේ නිසා සම අදුරු වීම හා ලප කැලැල් ඇතිවීම වලකයි. තවද සමේ ප්‍රදාහය ඇතිවම පාලනය කරන නිසා post inflammatory hyperpigmentation ලෙස හදුන්වා සම අදුරු වීම හා ලප ඇතිවීම වලකයි. මෙමගින් සමේ මතුපිට පවතින මැරුණු සෛල ක්‍රමවත්ව ඉවත් වීම සිදුකරන අතර එමගින් සම නීරෝගීමත් කර මෘදු දීප්තිමත් හා පැහැපත් සමක් ඔබට ලබාදෙයි. අනෙකුත් නිශ්පාදන හා සැසදීමේදි Garnier Light Complete මගින් ඔයාගේ සම වඩාත් ඉක්මනින් පැහැපත් කරයි. ඒ වගේම මෙමගින් සමේ පවතින අදුරු ලප කැලැල් ඉවත් කිරීමද සිදුකරයි. සාමාන්‍ය හා මිශ්‍ර සමට මෙම නිශ්පාදනය වඩාත් සුදුසු වෙයි. මෙහි ඇති ආම්ලික ගුණය නිසා සංවේදී සමක් පවතින අයට මෙම නිශ්පාදනය සුදුසු නොවේ. මෘදු දෙහි සුවදක් පවතින ලෙස නිශ්පාදනය කරන මෙය ආලේප කිරීමෙන් ඔබට නැවුම් ප්‍රසන්න බවක් ගෙනදෙයි. මෙම නිශ්පාදන තුන සමග සැසදීමේදී මෙය තරමක් මිලෙන් අධික වන අතර සුපිරි වෙළදසල් සහ ෆාමසි වලින් මිලදී ගැනීමට පුලුවන්.

මේ අනුව තෙල් සහිත සමක් පවතින ඔබට Pond’s Bright Beauty වඩාත් සුදුසු වෙයි. සංවේදී සමක් පවතින ඔබ සදහා Janet whitening cream සුදුසු වෙයි. සාමන්‍ය හා මිශ්‍ර සමක් පවතින ඔබ සදහා Garnier Bright Complete වඩාත් සුදුසුය.

ඉතින් මේ නිශ්පාදන භාවිතා කරපු ඔයාලගෙ අදහස් අප සමග බෙදා ගැනීමට කැමති නම් commet section එකේ ඔයාලගෙ අදහස් comment කරන්න.

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

×

Hello!

Click one of our contacts below to chat on WhatsApp

× Contact your Doctor