Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
Physical Address
304 North Cardinal St.
Dorchester Center, MA 02124
හිසකෙස් ගැලවී යාම සහ තට්ට හිස මතුවීම අදවනවිට බොහෝ දෙනෙකුට ගැටලුවක් වී ඇති කාරණයකි. මේ සදහා අද වනවිට පවතින සාර්ථක හා ස්ථිර විසදුමක් ලෙස හිසකෙස් බද්ධ කිරීම හදුන්වා දෙන්න පුලුවන්. අපි අද මෙම ලිපිය මගින් හිසකෙස් බද්ධ කිරීම කියන්නෙ මොකක්ද කියන එක ගැන ඔයාට අවබෝධයක් ලබා දෙන්න සූදානම්.
හිසකෙස් ගැලවීයාම සහ තට්ටය පෑදීම අද වෙනවිට ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. විශේෂයෙන් පිරිමි පුද්ගලයන් මෙම ප්‍රශ්නය නිසා ගොඩක් පීඩාවට පත්වෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට ඔවුනෙගේ තරුණ පෙනුම සැගවී වයස්ගත පෙනුමක් ඉස්මතු වෙනවා. මේ ගැටලුවට අද වනවිට වඩාත් සාර්ථක විසදුමක් හැටියට හිසකෙස් බද්ධ කිරීම ප්‍රචලිත වෙලා තියෙනවා.
මෙය එක්තරා ආකාරයක ශල්‍යකර්මයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙහිදී වෙන්නෙ ඔයාගෙ ඇගේ වෙනත් ස්ථානයක වැවිල තියෙන හිසකෙස් ගලවලා හිසකෙස් අඩු හෝ තට්ටය පෑදුනු ස්ථානවලට බද්ධ කරන එකයි.
ඔව්. හිසකෙස් බද්ධ කිරීම සිදුකරන්නේ ස්ථිර විසදුමක් හැටියටයි. හිසකෙස් බද්ධ කිරීමෙන් පසුව නියමිත වෛද්‍ය උපදෙස් පිලිපැදීමෙන් පසුව ඔයාට සාමන්‍ය හිසකෙස් වගේ බද්ධ කරපු හිසකෙස් ද සෝදන්න, පීරන්න පුලුවන්. නමුත් ඇතැම් අවස්ථාවල මේ බද්ධ කරන හිසකෙස් වලින් කොටසක් ගැලවී යන්න පුලුවන්.
ප්‍රධාන වශයෙන් ශල්‍යකර්ම වර්ග දෙකක් පවතියි. Follicular unit strip surgery (FUSS) සහ follicular unit extraction (FUE) . මෙහි පලමු වර්ගය වන FUSS හිදී ඔබගේ ශල්‍ය වෛද්‍යවරයා විසින් ඔයාගෙ හිසේ හිසකෙස් පවතින ප්‍රදේශයට නිර්වින්දන ඖෂධ එන්නත්කර හිරිවැටීම සිදුකරයි. ඉන්පසු හිසේ පසුපසට වන්නට හිසකෙස් පවතින ප්‍රදේශයෙන් අගල් 6-10 පමණ සමේ පටක තීරුවක් ආරක්ෂිතව ඉවත්කරගන්නවා. ඉන්පසු මෙම සමේ පටක තීරුව කුඩා පටක කොටස් 500-2000 අතර ප්‍රමාණයකට බෙදා වෙන්කරගන්නවා. මෙහිදී සෑම පටක කොටසකම එක් කෙස් ගසක් හෝ කීපයක් සිටින ලෙස වෙන්කරගැනීම සිදුකරයි. ඉන්පසු මෙම පටක කොටස් ඔයාගෙ හිසේ හිසකෙස් අඩු හෝ තට්ටය පවතින ප්‍රදේශවලට බද්ධ කිරීම සිදුකරයි.
Follicular unit extraction (FUE) හිදී ඔයාගෙ හිසේ පසුපස ප්‍රදේශයක හිසකෙස් shave කිරීම සිදුකරනවා.ඊට පසුව මේ shave කරපු ප්‍රදේශයේ තියෙන කුඩා කේෂ මූලයන් එකින් එකට ගලවා ගැනීම සිදුකරනවා. නමුත් මේ කේෂ මූලයන් ගලවා ගත්තත් එම ස්ථානවල නැවත හිසකෙස් වර්ධනය වීම සිදුවෙනවා.
මෙම ශල්‍යකර්ම වර්‍ග දෙකෙහි පටක කොටස් ලබා ගන්න ක්‍රම වෙනස් වුවත් පටක බද්ධ කරන ක්‍රමය සමානයි. මෙහිදී වෛද්‍යවරයා විසින් හිසකෙස් බද්ධ කරන්න ඕන ප්‍රදේශය හොදින් පිරිසිදු කරල එම ප්‍රදේශය නිර්වින්දන කරනවා. ඒ කියන්නෙ එම ප්‍රදේශය හිරි වැටීම සිදුකරනවා. ඉන් පසුව ශල්‍ය උපකරණ මගින් අදාල ප්‍රදේශයේ කුඩා සිදුරු විදීම සිදුකරයි. මුලින් සදහන්කල ක්‍රම දෙක මගින් ලබාගත් පටක කොටස් මෙම කුඩා සිදුරුවල රෝපණය කිරීම සිදුකරයි. හිසකෙස් රෝපණය කරන්න ඕන ප්‍රදේශයේ ප්‍රමාණය අනුව මෙම ශල්‍යකර්මය සදහා පැය 4-8 පමණ කාලයක් ගතවෙනවා. ඒ වාගේම හැලවී යන හිසකෙස් වෙනුවට අලුත් හිසකෙස් බද්ධ කිරීමට වගේම ඔයාට ඝනමක් හිසකෙස් ලබාගන්න අවශ්‍ය නම් ඔයාට නැවත වරක් මෙම ශල්‍යකර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
FUSS සහ FUE මෙම ශල්‍යකර්ම දෙකම එක හා සමානව ප්‍රථිපල ගෙනදෙයි. මේ අතරින් ඔබට වඩාත් සුදුසු ක්‍රමය තෝරාගැනීමට අපි මේ ක්‍රම දෙකේ තිබෙන වාසි අවාසි කිහිපයක් සලකා බලමු.
තුවාල කැලැල් – FUSS ක්‍රමයේදී අපි පටක ලබාගත් ස්ථානයේ තුවාල කැලැලක් ඇතිවෙනවා. නමුත් ඔයා හිසකෙස් දිගට වැවීමට බලාපොරොත්තු වෙනවා නම් තුවල කැලැල් හිසකෙස් වලින් ආවරණය වෙන නිසා ඔයාට මේ ගැන වද විය යුතු නැත. FUE ක්‍රමයේදී ඉතාම කුඩා කැලැල් ඇති වුවත් ඒවා අවට හිසකෙස් මගින් ඉතාම පහසුවෙන් සැගවී යයි.
කාලය – FUSS ක්‍රමය සදහා ගතවන කාලය සාපේක්ෂව අඩුය.
බාහිර පෙනුම – FUSS ක්‍රමයේදී හිසකෙස් shave කිරීමට අවශ්‍ය වෙන්නෙ නැත. මේ නිසා මෙම ක්‍රමය මගින් ඔයාගෙ බාහිර පෙනුමට තාවකාලිකව වෙන හානිය අඩුය.
අවදානම – FUE ක්‍රමයේදී කේෂ මූලයන් ගලවා ගැනීම සිදුකරන නිසා එහිදී කේෂ මූලයන්ට හානි වී ඒවා බද්ධ කිරීමට සුදුසු නොවන තත්වයට පත්වෙන්න පුලුවන්.
මිල – FUE ක්‍රමය සදහා සාපේක්ෂව වැඩි මුදලක් වැය වෙයි.
හිසකෙස් බද්ධ කිරීමේ ශල්‍යකර්මයකින් පසුව සිදුවෙන්නෙ කුමක්ද?
ශල්‍යකර්මය සිදුකල දිනයේදී ඔයාගේ හිසකෙස් සහිත සම වේදනාකරී වෙන්න පුලුවන්. මේ නිසා දින කිහිපයක් වේදනා නාශක භාවිතා කිරීමට සිදුවෙනවා. ඒ වගේම දෙනක් හෝ දෙකක් හිසකෙස් ආවරණය වෙන විදියට bandage එකක් භාවිතා කරන්නත් ඔයාට සිදුවෙනවා. මීට අමතරව දින කිහිපයක් ප්‍රතිජීවක ඖෂධ (Antibiotic) සහ ප්‍රදාහය වලක්වන ඖෂධ (Anti inflammatory ) භාවිතා කලයුතුය. ශල්‍යකර්මය සිදුකර දින 2-5 පසුව ඔයාට සාමන්‍ය පරිදි ඔයාගෙ එදිනෙදා වැඩ කරගෙන යන්න පුලුවන්.
ශල්‍යකර්මය සිදුකර සති 2-3 පමණ පසු බද්ධ කළ හිසකෙස් ගැලවී ඉවත් වෙයි. නමුත් එම හිසකෙස් බද්ධ කල ස්ථානවලින් අලුත් හිසකෙස් වර්ධනය වීම නිරීක්ෂණය වෙනවා. මාස 6-9 පමණ පසු 60% පමණ අලුත් හිසකෙස් වර්ධනය වෙනවා. ඇතැම් වෛද්‍යවරුන් Minoxidil නැමති හිසකෙස් වර්ධනය වීමේ ඖෂධය නිර්දේශ කරයි. නමුත් එහි සාර්ථකත්වය මෙතෙක් පරීක්ෂණ මගින් තහවුරු කර නැත.
අනෙකුත් ඕනෑම ශල්‍යකර්මයක වගේම මෙහිදී ද ලේ ගැලීම, ආසාදන ඇතිවීම වැනි අවදානමක් පවතියි. නමුත් එවැනි අතුරු ආබාධ අවම වෙන විදියට තමයි ශල්‍යකර්මය සිදුකරන්නෙ.
මෙම ශල්‍යකර්මය සිදුකිරීමෙන් පසු ඔයාට මේ කියන මොනම හෝ රෝග ලක්ෂණයක් මතුවුනහොත් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබාගතයුතු වෙනවා.
අද වනවිට ශ්‍රි ලංකාවේ බොහොමයක් පෞද්ගලික රෝහල් සහ රූපලාවණ්‍ය මධ්‍යස්ථාන වල පලපුරුදු වෛද්‍යවරුන් විසින් මෙම හිසකෙස් බද්ධ කිරූමේ ප්‍රතිකාර සිදුකරයි. මෙමගින් ඔයාගෙ සිසකෙස් ගැලවී යාම සහ තට්ටය මතුවීමට සාර්ථක හා ස්ථිර විසදුමක් ලබා ගන්න පුලුවන්.
Click one of our contacts below to chat on WhatsApp